ලංකාවේ ගීත කලාවට මොකද වෙන්නේ ?

ලංකාවේ ගීත කලාවට මොකද වෙන්නේ ?

අමරදේව මාස්ටර් ගෙන්  පටන්ගෙන ඉරාජ් ල දක්වා ආපු අපේ ගීත කලාව ගැන මොකද හිතෙන්නේ.
අපි නැවත අමරදේව මාස්ටර්ගේ කාලෙට යනවද නැත්තම් ඉරාජ් ලත් එක්ක යනවද ?
එක දෙයක් නම් හොඳටම පැහැදිලියි.එදා අපි අහපු ගීත තවමත් අහනවා. එත් අද මොකද වෙලා තියෙන්නේ අද ඇහුවම හෙට මතක නෑ . මට දැනෙන හැටියට දැනට ලංකාවේ අවසාන ගායකයා කසුන් කල්හාර.(සමන් ලෙනින් වගේ අයත් ඉන්නවා).
සින්දු අහනකොට සැහෙන දුකක් දැනෙනවා අද අපේ දරුවෙකුට අහන්න දෙන්න සින්දුවක් නෑ .
මම මේ දවස් දෙක තුනකට කලින් සින්දුවක් ඇහුව “කඩුව” කියල. අනේ දෙය්යනේ ලජ්ජා නැතුව සින්දුව යනකොට Artist කියල තමන්ගේ නමත් දානවා. මට කියන්න වචන කටට ආවත් Site එකේ admin board එකේ කෙනෙක් නිසා කට වහගෙන අමාරුවෙන් හරි ඉන්නවා. සමහරවිට මේක මගේ ප්‍රශ්නයක් වෙන්නත් ඇති. එකයි මම හිතුවේ අනිත් අයගේ අදහස් දැන ගන්න. මොකද මේ ගැන හිතන්නෙ.

It's only fair to share...Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*

1 × three =